Welcome...!

Thursday, December 27, 2012


අසීසියේ ප්‍රේන්සිස්තුමා ගේ කාලයේ පල්ලිය ලග හොරු තුන්දෙනෙක් හිටියා මේ තුන්දෙනා පල්ලියට එන යන අයගේ මුදල් ,රන්භාණ්ඩ ,වගේ වටිනා දේවල් 
හොරකම් කරා.නත්තල් මාසයේ හිම වැටෙන කාලයේ පාරේ  යන එන මිනිසුන් නැති වූණා.ඉතින් හොරුන්ට කන්නදෙයක් නැතිව බඩගිනි වුණා.තුන්දෙනා පල්ලියට ඇවිත් ප්‍රේන්සිස්තුමාගේ ගොලයෙකුගෙන් කෑම ඉල්ලුවා.
               "  උබලට දැන්ද 
 පල්ලිය මතක් වුණේ මේ තුන්දෙනා පල්ලියට එන යන අයගේ මුදල් ,රන්භාණ්ඩ ,වගේ වටිනා දේවල් 
                       හොරකම් කරල දැන් එනවද ?"ගෝලය කීවා .අසීසියේ ප්‍රේන්සිස්තුමාට සද්දේ ඇහිලා එළියට අවා 
             "මොකද  කලබලේ "
   "පල්ලියට එන යන අයගේ මුදල් ,රන්භාණ්ඩ ,වගේ වටිනා දේවල් 
     හොරකම් කරන අර හොරු තුන්දෙනා ආවනේ පල්ලියට මම කියලදුන්න
   උන්ගේ පාපය "
"දැන්ම ගිහින් ඒ තුන්දෙනා හොයාගෙන අපිට කන්න තියෙන කෑම ඔවුන්ට දීල කනකම් උපස්ථන කරලා එන්න."
ප්‍රේන්සිස්කනු නිකාය කීකරු කමේ නිකායක් .
කතාවේ හැටියට ගෝලය ඒ තුන්දෙනා හොයාගෙන ගිහින් කෑම දීලා 
උපස්ථන කරලා එනව ඒ එනකොට අර
හොරු තුන්දෙනගේ හිත පෙරලිලා 
පල්ලියට එනව අසීසියේ ප්‍රේන්සිස්තුමාට පස්සේ හොරු තුන්දෙනාගෙන් එක අයෙක් පල්ලියේ ප්‍රධාන පූජකය වෙනවා .
  මේ ය මම ඇසුවෙමි .

ඔබ අසා තිබෙනවද  අසීසියේ ප්‍රේන්ස්සිස් තුමාගෙන ,ප්‍රේන්ස්සිස්කානු නිකාය එතුමා ගෙන්  ආරම්භ වූ බව පෙවසෙන්නේ .
ඉතින් දවසක් එතුමාත් ගෝලයත් පාරේ හිගා කමින් සිටියදී,
   "මිනිසා ඇතුලතින් නිදහසේ සිටින්නේ කොහොමද ?"
        කියල ගෝලය වන බොනවන්චන් ගෙන් ඇසුවා .
  "මම  දන්නේ නැහැ ඔබම කියන්න."බොනවන්චන් තුමා කිව්වා.
 "අපි දැන් අර පේන ගෙදරට ගිහින් කන්න මොනවහරි ඉල්ලනවා එතකොට ඒ ගෙදර සල්ලිකාර මනුස්සය 
  කියනවා 'උබට  කන්න දෙයක් මම ළග නැහැ පලයන් යන්න'.කියල "
"බැන්නනේ ....එකද ඇතුලතින් නිදහසේ සිටිනවා කියන්නේ "
 "නැහැ "
 "එහෙනම්"
"මම ආයෙත් ගිහින් කන්න මොනවහරි ඉල්ලනවා. එතකොට ඒ මනුස්සය' අයෙ ඉල්ලුවොත් උබට ගහනවා 'කියනවා .
"ආ ..ගහනවහනේ,..එකද ඇතුලතින් නිදහසේ සිටිනවා කියන්නේ "
 "නැහැ "
 "එහෙනම්"
"මම ආයෙත් ගිහින් කන්න මොනවහරි ඉල්ලනවා. එතකොට ඒ මනුස්සය මට බිමදාගෙන ගෙන ගහනව,මගේ ලෝගුව ඉරනවා 
එතකොටත් ඔහු වෙනුවෙන් මට ආදරය කරන්න පුළුවන් නම් එකතම යි,ඇතුලතින් නිදහසේ සිටිනවා කියන්නේ "
              මා මෙය ඇසුවෙමි .