Welcome...!

Thursday, July 5, 2012

රහසින් යාචඥාකිරීම
   තවද නුඹලා යාචඥාකරන කල්හි වංචාකාරයන් කරන්නාක් මෙන් නොකරල්ලා.මක්නිසාද මනුෂ්‍යන්ට පෙනෙන පිණිස ඹවුහු සිනගෝවලත් මංසන්දිවලත් සිටගෙන යාච්ඥාකිරීමට සතුටුවෙති.සැබෑවක්ම නුඹලාට කියමි.ඔවුන්ගෙ විපාකය ඔවුන්ට ලැබීතිබේ.නමුත් නුඹ යාච්ඥාකරන කල්හි නුඹේ ඇතුල්ගෙට වද,දොර වසා ,රහසිගතව වසන නු‍ඹේ පියාණන්වහන්සේට යාච්ඥාකරන්න,එවිට රහසින් දකින නු‍ඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.තවද  යාච්ඥාකිරිමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවු වචන කියාගෙන කියාගෙන නොයල්ලා.ඔව්හු තමන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නොවෙල්ලා.මක්නිසාද  නු‍ඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට  වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නා සේක.
රහසින් දන්දීම
එබැවින් නුඹ දන්දෙන කල්හී මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝවලදීත් විථිවලදීත් වංචාකාරයන් කරන්නාක් මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න.සෑබැවක් නුඹලාට කියමි.ඔවුන්ගෙ විපාකය ඔවුන්ට ලැබී තිබේ.නමුත් නුඹ දන්දෙන කල්හී,නුඹේ දානය රහසිව තිබෙන පිණිස,නුඹේ දකුණුත කරන දෙය වමත නොදනීවා.එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.

Facebook

 ප්‍රේමය සහ නිර්මල චරිතය
   තාගේ අසල්වාසියාට ප්‍රේමකරව,තාගේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරපල්ලා, නුඹලාට පීඞාකරන්නන් උදෙසා යාඥා කරපල්ලා; මෙසේ නුඹලා සවර්ගීයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයා වන්නොය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවනසේක,ධර්මිෂ්ඨන්ටත් අධර්මිෂ්ඨන්ටත් වැසි වස් වනසේක.නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්,නුඹලාට කවර වපාකයක් ද?සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවා නම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නාහුද?අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?එබැවින් නුඹලාගේ ස්වර්ගීහිය පියාණන්වහන්සේ සම්පුර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පුර්ණව සිට පල්ලා.
                              මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගනිල්ලා.නැතහොත් ස්වර්ගීහිය සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.

Shadow Fight on Facebook

 පළිගැනිම
ඇසකට ඇසක්ය,දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ.නමුත් මම නුඹලාට කියමි.නපුරැ අය සමග පොරට නොසිටිල්ලා.යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඹහුට අනෙත් කම්මුලද හරවපන්න.යමෙක් නඩු කියා නුඹේ අදනය ගන්ට කැමතිවී නම්,ඔහුට නුඹේ උතුරැ සළුවත් ගන්ට ඉඩඇර පන්න.යමෙක් එක හැතැම්මක් යන්ට නුඹට බලත්කාරෙකෙරේද,ඔහු සමග හැතැප්මදෙකක් පලයන්න.නුඹෙන් ඉල්ලන්නාට දීපන්න,නුඹෙන් ණය ගන්නට කැමති තැනැත්තාට පිටු නොපාන්න.