Welcome...!

Saturday, July 14, 2012

අනුන් විනිශ්චය කිරීම෴
 නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස විනිශ්චය නොකරල්ලා.මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින් ම නුඹලාත්  විනිශ්චයකරන්නාහුය.යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේ ය.නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා,නුඹේ සහෝදරයගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?නොහොත් නුඹේම ඇසේ තිබෙන දැවය තිබියදී ,සහෝදරයාට කතාකොට ;නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්නට අවසර දියන්නැයි ඔහුට කෙසේ කියන්නෙහද?වංචාකාරය,පළමුකොට නුඹේ ඇසේ තිබෙන දැවය පහකරපන්න;එවිට නුඹේ සහොදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්න ට නුඹට හොඳ හැටි පෙනෙන්නේ ය.
          ශුද්ධ දේ බල්ලන්ට නොදෙල්ලා,නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමල්ලා,සමහර විට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරා දමන්ට පුළුවන.෴
                                                                  ආමෙන්..

No comments:

Post a Comment