Welcome...!

Friday, July 6, 2012

කනගාටු සිතීම.දෙවියන් වහන්සේ කෙරෙහි විස්වාසය෴
එහෙයින් නුඹලාට කියමි;කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්,කුමක් අදිමුද කියා ශරිරය ගැනවත් කනස්සලු නොවෙල්ලා.කෑමට වඩා ජීවිතයද ඇදුමට වඩා ශරීරයද උතුම් නොවේද?ආකාසයේ පක්ෂීන් බලාපල්ලා,උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කර ගන්නේවත් නැත;නුඹලගේ ස්වර්ගීකය පියාණන්වහන්සේ ද උන් පෝෂනය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?කනස්සලු වීමෙන් තමාගෙ උසට එක රියනක් එක්කරගන්ට  නුඹලා අතරින් කවරෙකුට පුළුවන්ද? නුඹලා ඇදුම් නිසා කනස්සලුවන්නාහුද?කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න;ඒවා වෙහෙසෙන්නෙවත් නූල් කටින්නේවත් නැත.එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චයර්‍්‍යයහිදී ඒවායින් එකක් ලෙස පැළදී නොසිටියේයයි නුඹලාට කියමි.මද ඇදහිල්ල ඇත්තෙනි,අද තිබී හෙට උදුනෙහි දමනු ලබනාවු කෙතේ තෳණ දෙවියන්වහන්සේ මෙසේ පළදවනසේක් නම්,ඊට වඩා කොපමණ වැඩියෙන්  නුඹලා නොපළදවනසේක්ද? එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අදිමුද කියමින් කනස්සලු නොවෙල්ලා.මක්නිසාද මේසියල්ල අන්‍යජාතිහු සොයති;මේසියල්ල නුඹලාට ඹ්නෑ බව නුඹලාගේ ස්වර්ගීකය පියාණන්වහන්සේ දන්නා සේක.නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය ද උන්වහන්සේගේ ධර්මිෂඨකමද සොයා පල්ලා;මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.හෙට දවස ඒ ගැනම කරදරවන්නේ ය.දවසේ කරදර ඒ දවසට සෑහෙයි.

No comments:

Post a Comment