රහසින් යාචඥාකිරීම
තවද නුඹලා යාචඥාකරන කල්හි වංචාකාරයන් කරන්නාක් මෙන් නොකරල්ලා.මක්නිසාද මනුෂ්‍යන්ට පෙනෙන පිණිස ඹවුහු සිනගෝවලත් මංසන්දිවලත් සිටගෙන යාච්ඥාකිරීමට සතුටුවෙති.සැබෑවක්ම නුඹලාට කියමි.ඔවුන්ගෙ විපාකය ඔවුන්ට ලැබීතිබේ.නමුත් නුඹ යාච්ඥාකරන කල්හි නුඹේ ඇතුල්ගෙට වද,දොර වසා ,රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඥාකරන්න,එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.තවද යාච්ඥාකිරිමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවු වචන කියාගෙන කියාගෙන නොයල්ලා.ඔව්හු තමන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නොවෙල්ලා.මක්නිසාද නුඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නා සේක.

No comments:
Post a Comment