Welcome...!

Wednesday, July 4, 2012

කෝපය සහ මිනීමැරීම
 මිනීනොමරව,මිනීමරන කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ.නමුත් මම නුඹලාටකියමි,තමාගේ සහොදරයාට කෝපවන කවරෙක් නමුත් විනිශ්චයට  සුදුස්සෙක්  වන්නෙය.තමාගේ සහොදරයාට මෝඩයායයි කියන කවරෙක් නමුත් මන්ත්‍රණ සභාවෙන් දඩුවමි ලබන්නට සුදුස්සෙක් වන්නේ ය.තෝ ජඩයායයි කියන කවරෙක් නමුත් නිරාගින්නට සුදුස්සෙක් වනනේ ය.එබැවින් නුඹේ පඩුර පුජාසනය ළග පුදන කල්හි,නුඹේ සහොදරයා නුඹ කෙරෙහි යම් විරැද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්,නුඹේ පඩුර පුජාසනය ඉදිරියෙහි තබා ගොස්,පළමුකොට නුඹේ සහොදරයා හා සමගිවී,පසුව ඇවිත් නුඹේ පඩුර පුදාපන්න.නුඹේ විරැද්ධකාරයා සමග පාරේ යන කල්හි ම ඉක්මනින් ඔහු හා සමගි වන්න,නැත්නම්  විරැද්ධකාරයා නුඹ විනිශ්චකාරයාට භාරදෙන්නේ ය, විනිශ්චකාර යා නුඹ සේවකයාට භාරදෙන්නේ ය නුඹ  ද හිරෙහි දමන්නෙහිය.සැබෑවක්ම නුඹට කියමි.අන්තිම සල්ලිය ගෙවනතුරැ නුඹ කිසිසේත් එයින් පිටවි නොඑන්නෙම ය.

No comments:

Post a Comment